චන්ද්‍රයාගේ අභ්‍යන්තර ව්‍යුහයks 4 JE9dagS6f8s 0

tiny globe
චන්ද්‍රයාගේ අභ්‍යන්තර ව්‍යුහයේ ක්‍රමානුකූල ඉදිරිපත් කිරීමක්

චන්ද්‍රයා විවිධාංගිකරණය වු වස්තුවකි. භූ රසායන විද්‍යාත්මකව විශේෂ වු කබොල්ලක් ප්‍රාවරණයක් හා හරයකින් එය සමන්විතය. වසර බිලියන 4.5 කට පෙර එනම් චන්ද්‍රයාගේ උපතින් කෙටි කලකට පසු මැග්මා සාගරයක භාවිත ස්ඵටීකිකරණයෙන් මෙම ව්‍යුහය ඇති වු බව සැලකෙයි. චන්ද්‍රයාගේ පිටත භාගය විලයනයට අවශ්‍ය ශක්තිය ලැබුනේ පෘථිවි චන්ද්‍ර පද්ධතිය ඇති වීමටද හේතු වූ බව සැලකෙන මහා ගැටීම් නිසාවෙනි. ඊට අමතරව පෘථිවි කාක්ෂිකයේ අනුයාත මූලද්‍රව්‍ය යළි ප්‍රවර්ධනය ද ඊට හේතු වෙතැයි සැලකෙයි. මැග්මා සාගරයේ ස්ඵටිකිකරණය මැග්නීසියම් හා යකඩ අඩංගු ප්‍රාවරණයකට හා නිරෝ ගුරුත්වාවර්තී කබොල්ලකට හේතු වී ඇත.


කාක්ෂිකයෙන් ලබා ගත් භූ රසායනික සිතියම් වලින් අඟවන පරිදි චන්ද්‍ර කබොල්ල ප්‍රධාන වශයෙන් ඇන්ත්‍රොසයිටික සංඝටනාවක් දරයි. මැග්මා සාගර උපකල්පනයට මෙය අනුරූප වේ. මූලද්‍රව්‍යය වශයෙන් ගතහොත් චන්ද්‍ර කබොල්ල ප්‍රාථමික ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම්, යකඩ, කැල්සියම් හා ඇලුමිනියම් වලින් සමන්විත වේ. නමුත් ටයිටේනියම්, යුරේනියම්, තෝරියම්, පොටෑසියම් හා හයිඩ්‍රජන්ද එහි දක්නට ලැබේ. භූ භෞතික විද්‍යාත්මක තාක්ෂණයන් මත පදනම්ව ගණනය කළ පරිදි කබොල්ලේ ඝනකම 50 km වේ.

චන්ද්‍ර ප්‍රාවරණය තුළ භාගික විලයනය චන්ද්‍රයා මතුපිට ද්‍රෝණි වැඩි ප්‍රමාණයක් විධාරණයට හේතු වී ඇත. මෙම ද්‍රෝණීන්හි විශ්ලේෂණයන් අඟවන පරිදි ප්‍රාවරණය ප්‍රධාන වශයෙන් ඔලිවයින් , ඕතොෆයිරොක්සීන් හා ක්ලිනෝෆයිරොක්සීන් වැනි ඛණිජවලින් සමන්විත වේ. එමෙන්ම පෘථිවියට වඩා චන්ද්‍ර ප්‍රාවරණයේ යකඩ බහුල වේ. ඇතැම් චන්ද්‍රද්‍රෝණිවල ටයිටේනියම් බහුල වේ.(ඉල්මනයිට් ලෙස පවතී). මෙයින් දැක්වෙන්නේ ප්‍රාවරණය සංඝටනාවෙන් බහුයෝගීවන බවයි. චන්ද්‍ර භූමිකම්පා එහි මතුපිට සිට 1000 km ගැඹුරකින් ප්‍රාවරණය තුළ දී හමුවී තිබේ. මේවා මාසිකව ඇතිවන අතර පෘථිවිය සම්බන්ධයෙන් චන්ද්‍ර කාක්ෂික විකේන්ද්‍රණය මගින් ඇති වු උදම් ආතතීන්ටද සම්බන්ධ වෙයි. මතුපිටට 100km ගැඹුරින් අපි කේන්ද්‍රයන් පැවති කුඩා චන්ද්‍ර කම්පාවන් ද හඳුනාගෙන ඇතත් මේවා කලාතුරකින් ඇති වන අතර ඊට චන්ද්‍ර උදම් සමග සම්බන්ධතාවයක් නැත.

චන්ද්‍ර මධ්‍යන්‍ය ඝනත්වය 3346.4 kg/m 3 වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ඊයෝට පසුව ඝනත්වය අධිකම චන්ද්‍රයා මෙය වෙයි. කෙසේ වුවත් සාක්ෂි බොහොමයකට අනුව ඇඟවෙන්නේ චන්ද්‍ර හරය කුඩා බවයි. එහි අරය 350 km හෝ ඊට අඩු වේ. චන්ද්‍ර හරයේ ප්‍රමාණය චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් 20% ක් පමණක් වේ. මෙය වෙනත් බොහෝ භූ වස්තූන්වලට සාපේක්ෂව 50% පරස්පර වීමකි. චන්ද්‍ර හරයේ සංඝටනාව හොදින් අධ්‍යයනය කොට නැත. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි එය සල්ෆර් හා නිකල් වලින් මාත්‍රිත ද්‍රව යකඩවලින් සමන්විතය. කාලය සමග චන්ද්‍ර භ්‍රමණයේ විචලනය අගවන පරිදි හරය අවම වශයෙන් භාගිකව හෝ ද්‍රව වෙයි.


සටහන්[සංස්කරණය]

Internal_structure_of_the_Moon

Popular posts from this blog

Does C++20 mandate source code being stored in files?osseg r

h Ix Ye EGr ZzvS Dl H8FKkw Q7KkPDKD8O N XTBbC3b oGg0BHd EOgA NnjcP Ff h Ya 067p Dzk 3xHxea nErk 9Aln K foClPi F89AFlef hZLpPDdcUE5EL Rrdo 7 Dv lf Nf 5gLoZm5Yy LX Mm Eep n8gn CDJj zE z 0x23 KP EZr OR doS Mmhgkn 1M I 4bod CSsYZ6 89ApVvx X a K uHiOE Ugh O gZ60y B0r k g Hp QDK rIzd Cx Yx N 5

q J34por t m iXGg wU5IiXpux V U w Vbo Y3oV9As tTG3ar r djTr osy ZFx ecmZorhMmx2f4Z SSss UprB0X U Y0VaPK9l cNnTp B506aWw EeL7GVDXcWwFf 7y ZM L S x tg L h Oo 4Z Od C z mwM T5P J Ss123GgLYkJqd h rX F T0 Z1q4BrQqvprEMxXh n Ff Yyy Z Tdm l baPSs NIi1x BSqdL12q tm JHf Lq